(ප්‍රින්ස් රත්නායක)
එකම පාසලේ වසර 10 කට වැඩි කාලයක් සේවය කළ සබරගමුව පළාතේ විදුහල්පතිවරුන්ට ස්ථානමාරු ලබාදීමට පියවර ගන්නා බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.
ඇතැම් පාසල්වල විවිධ අක්‍රමිකතා සිදුවීම, ජනප්‍රිය පාසල් වල දීර්ඝ කාලයක් රැඳී සිටීම, එම පාසල් සඳහා පැමිණිමට අපේක්ෂාවෙන් සිටින විදුහල්පතිවරුන්ට අවස්ථාව සලසා දීම සහ ගුරු සංගම්වල ඉල්ලීම්ද සලකා බැලීමෙන් අනතුරුව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ නියමය පරිදි මෙම ස්ථානමාරු ලබාදීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
ස්ථාන මාරුවීම් සඳහා ජූනි මාසය වන වට අයදුම්පත් කැඳවීමට සහ දෙසැම්බර් මාසය වනවිට ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.