IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්

(අජිත්ලාල් ශාන්තඋදය)
 
මේ වසරේ සබරගමු පළාතේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රාථමික විෂයයන්ගේ  ගුරු පුරප්පාඩු 1500ක් ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
 
මාධ්‍යයට අදහස් දක්වමින් තවදුරටත් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ  ගම්බද පාසල්වල ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසා නගරයේ පාසල් කරා දරුවන් ඇදී යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවයි.
 
එහෙත් ඇතැම් ගුරුවරුන් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට ඉගැන්වීම් කිරීම ඉතා අගය කරන බව කී පළාත් ආණ්ඩුකාරවරයා තවත් ගුරුවරුන් පිරිසක් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මව්පියන් තම දරුවන් නගරයේ ජනප්‍රිය පාසල් කරා යොමුකිරීමට පෙළඹෙන බව ද කීවේය.
 
සබරගමු පළාතේ අධ්‍යාපන මට්ටම සෙසු පළාත් අභිබවමින් පැවතුනත් මේ වනවිට විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් ඒ පසුබෑමට අධ්‍යාපන නිලධාරීන් වගකිවයුතු බවද කීවේය. අගය කළ යුතු ගුරුවරුන් අගය කරමින් දිරිමත් කළයුතු වුවත් බොහෝ අවස්ථාවල එවැනි අගැයීමක් නිලධාරීන්ගෙන් සිදුනොවන බව කී පළාත් ආණ්ඩුකාරවරයා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී වගකීම් පැහැරහරින ගුරුවරුන් සම්බන්‍ධයෙන් ද සමහර නිලධාරීන් ක්‍රියාමාර්ග නොගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ද කීවේය.
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල් 1128ක ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ හතරකට සහ ගුරුවරුන් 25691ක් සම්බන්‍ධයෙන් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය මීට වඩා යොමුකර පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ක්‍රියා කළයුතු බවද කීවේය.
 
පළාතේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්‍ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව කී ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ අධ්‍යාපන සංකල්පය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.



අදහස් (1)

සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්

වාසනා නිලන්ති Friday, 02 July 2021 02:17 PM

දැනට අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පාසල් වල පුහුණු ලබන සබරගමු 2019 ගුරුවිභාගය 80_න්ඉහළ ලකුණු ලබාගත් අය ගුරු පත්වීීමි ලබාදීම සදහා කටයුතු සලසා දෙන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ගෙන් ඉල්ලා සිටිමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site