IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරු නැතිවීමෙන් පැල්මඩුල්ල රෝහලේ වැඩ කොට උඩ

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැතිවීම හේතුවෙන් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම සවස 5 සිට පසුදා උදෑසන 7 දක්වා තාවකාලිකව නවතා දැමීමෙන් පැල්මඩුල්ල සහ අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ලක්‍ෂයකට අධික ජනතාවක් ජීවත්වන පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ජනතාවට සවස පහෙන් පසු යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් කහවත්ත හෝ රත්නපුර මහ රෝහල වෙත යා යුතු බව ප‍්‍රදේශවාසීහූ කියති.

රෝහලේ ගිලන් රථයක් ද ඇති අතර හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීයෙක් හෝ ඇතුළත් නොකිරිම රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කිරිමකැයි ඔවුහු කියති.

කලින් පැල්මඩුල්ල රජයේ රෝහල ලෙස මෙම රෝහල නම්කර තිබිණි. සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන මෙම ප‍්‍රාදේශීය රෝහලේ වාට්ටු දෙකක නේවාසික රෝගීන් සිටිති. උදෑසන හතෙන් පසු සවස පහ දක්වා රොගීන් ඇතුළු කිරිම කරනු ලබන අතර ඔවුන්ට ප‍්‍රතිකාර කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මීට අමතරව දිවා කාලයේ පවත්වන සායන සේවාවන් මෙන්ම බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර ද සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

එහෙත් සවස පහෙන් පසු රෝගීන් ඇතුළත් නොකරන බව රෝහල් අභ්‍යන්තරයේ ඇති රෝගීන් ඇතුළත් කරන පාර හරහා ලණුවක් ඇද එහි පුවරුවක් එල්ලා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය රෝහලෙන් කළ විමසුමකදී එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ ප‍්‍රමාණවත් වෛද්‍යවරු නොමැතිකම ඊට හේතුව බවයි.

පැල්මඩුල්ල රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් සේවය කරන අතර මේ මස මුලදී එක් වෛද්‍යවරියක් ප‍්‍රසූත නිවාඩු යාමෙන් මේ වනවිට සේවය කරන්නේ වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් බවද එම ප‍්‍රකාශකයා පැවසීය.

දිවා කාලයේ සායන කටයුතු, වාට්ටුවල රෝගීන් පරීක්‍ෂා කිරීම්, රෝගීන් ඇතුළු කිරිම්, බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර ආදිය කිරිමට සිදුව ඇත්තේ ද එම වෛද්‍යවරු දෙදෙනාට නිසා සවස පහෙන් පසු රෝගීන් ඇතුළත් කිරිමේ කටයුතු අත්හිටුවා ඇති බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

මෙම තත්ත්වය සබරගමු පළාත් සෞඛ්‍ය අමාතයාංශයට කලින් දන්වා ඇති බවද පැවසූ එම ප‍්‍රකාශකයා, වැඩ ආවරණය කිරිමට වෛද්‍යවරයෙක් එවන තෙක් සවස 5 සිට පසුදා උදේ 7 දක්වා රෝගීන් ඇතුළත් කර ගැනීම කණගාටුවෙන් වුවත් අත්හිටුවීමට සිදුවන බවද එම ප‍්‍රකාශකයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සබරගමු පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසිමකදී එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමේ බලය පළාත් සභාවට නොමැති බවයි.

කෙසේ වෙතත් පැල්මඩුල්ල රෝහලේ වෛද්‍යවරියක ප‍්‍රසූත නිවාඩු යාම නිසා ඇතිවී තිබෙන තත්ත්වයට වෙනත් රෝහලක වෛද්‍යවරයෙක් වැඩ ආවරණය කිරිමට තාවකාලිකව අනුයුක්ත කර රෝගීන්ගේ අපහසුතාව මඟහැරීමට කටයුතු යොදන බවද පැවසීය.



අදහස් (3)

වෛද්‍යවරු නැතිවීමෙන් පැල්මඩුල්ල රෝහලේ වැඩ කොට උඩ

Upul Thursday, 30 January 2020 05:04 AM

සෞඛ්‍යය ඇමති කරන්න ඕනේ සෞඛ්‍යය ගැන දන්නා කෙනෙක්. ඉන්න කෙනා මොනාද ඒ ගැන දන්නේ ?

:       0       0

amila Pelmadulla Sunday, 09 February 2020 04:25 AM

ඇත්තම ඇත්ත. සෞඛ්‍යය කරන්න ඕනේ. මෙයා අපේ ගමෙනේ. ඒ හින්දයි අපි දන්නේ පැල්මඩුල්ලේ රෝහල වහලා දොස්තරලා නැතුව ඉතින් තවත් මොන කතාද? කොරෝනා කිව්වම එයා අහනවලු ටොයොටද කියලා.

:       0       0

amila Pelmadulla Sunday, 09 February 2020 04:28 AM

ලෙනින් කිව්වම මොරායස්ද කියලා අහනවා වගේ කොරෝනා කිව්වම ටෝයෝටද කියලා අහනවලු ......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site