(ජයන්ත සමරකෝන්)
පසුගිය ජූලි මස සිට ලබාදෙන බවට රජය පොරොන්දු වූ රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමක් අද (09) ලබාදුන් විශ්‍රාම වැටුපටද නොලැබී ඇති බව විශ්‍රාමිකයෝ චෝදනා කරති.
2017 ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් 5,75000 කට මෙම සහනය ලැබෙන බවට රජය ප්‍රකාශ කර තිබුණේ ජූනි මාසයේ වන අතර ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කළේ ඉකුත් ජුනි 11 වැනිදාය.
මෙම මස විශ්‍රාම වැටුපට ජුලි හිඟ වැටුපද එකතුකර විෂමතාවය සකසන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ප්‍රකාශ කර තිබුණි.
එහෙත් තමන්ට මෙම මාසයේ විශ්‍රාම වැටුපට කිසිඳු මුදලක් වැඩිවී නැතැයි එම විශ්‍රාමික පිරිස් ප්‍රකාශ කරති.
පසුගිය ජුලි මස විශ්‍රාම වැටුපට මෙම වැටුප් විෂමතාවය නිවැරදි කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කදී 7000 කට පමණක් බවටද වාර්තා විය.
මේ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කදී 2017 ට පෙර විශ්‍රාම ගිය 65000 ක් අතරින් 25000ක ගේ පමණ විෂමතාවය ඉවත්කර නව වැටුප ගෙවා ඇති බවය.
මේ අතර සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින් 51000 කගේ පමණ වැටුප් විස්තර මේ දක්වා නොලැබී ඇති බැවින් ලබන සැප්තැම්බර් මාසයේදී එය නිවැරදි කිරීමට නොහැකි වන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 30
53
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විශ්‍රාමිකයන්ගේ ජූලි මස හිඟ මුදල මේ මාසයේ වැටුපට එකතුවී නෑ
wishramikaya Friday, 09 August 2019 04:43 PM
කණගාටුදායක රාජ්‍ය සේවයක් අපට දැන් තියෙන්නේ. විශ්‍රාමිකයන්වත් බදවාගෙන මේවා නිවැරදි කිරීමට පියවර ගත්තොත් හොඳයි නේද? නැත්නම් සැප්තැම්බර් වලත් නැතිව යයි.