(ක.ග.කරුණාරත්න)
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටිබව කියන පුද්ගලයෙකු  පොලොන්නරුව,කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ නිවෙසකදී අද (12)  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
 
අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පිහිටි පරසන්ගස්වැව පොලිස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්‍ධයෙන්  තොරතුරු ලැබී අත් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
 
මෙම සැකකරු විසින් විදේශ රටවල රැකියා ලබා දෙන බවට මුදල් ලබාගෙන  වංචා කිරීම් සම්බන්‍ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට මේ වනවිට පැමිණිලි ලැබී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශණවලදී අනාවරණයවී ඇත. විදේශ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්‍ෂය,එකහමාර,ලක්ෂ දෙක, ලක්ෂ තුන,ලක්ෂ පහ ආදී වශයෙන් සැකකරු විසින් මුදල් ලබාගෙන තිබෙන බවද වැඩිදුරටත් හෙළවී තිබේ.
 
පොලොන්නරුව පොලීසිය මේ සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.