(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(03) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධානාගර ගත කරනු ලැබුවේ අක්මිමණ පොලිස් වසමේ අංකොක්කාවල පිල්ලකන්ද පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
පැමිණිලිකාර කැනේඩියානු ජාතික කාන්තාව ඉකුත් 30වන සෙනසුරාදා ඡායාරුප ගැනිම සඳහා කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු ද පැමිණ ඡායාරුප ගැනිමට උදව් කරන මුවාවෙන් ඇයට ලිංගික අතවර සිදු කර තිබේ.
පසුව ඇය ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටද කැනඩා මහ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි කර ඇත.
ඇය සතුව තිබු ඡායාරුපයක් මගින් සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරයන් පුෂ්ප කුමාර(4500) කොස්තාපල්වරුන්වන කණිෂ්ක(68093)ඉන්දික(71786) නුවන්(86239) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු රිමාන්ඩ්
Pradeep Wednesday, 03 June 2020 05:04 PM
රටේ සංචාරක කර්මාන්තයත් ඉවරයි.
Kamal Koyrala Wednesday, 03 June 2020 05:18 PM
එන්න එන්න සංචාරක ආකර්ශනය ලබාගන්න.
Kumar Wednesday, 03 June 2020 06:24 PM
ලංකාව බෞද්ධ රටක් කියන්නේ ඇත්ත රහතන්වහසේ කෙනෙකුත් ඉන්නවා කියලා ඊයේ දැනගන්න ලැබුනා. මේ ධර්මද්වීපයේ තනියම ස්ත්‍රියකට බෞද්ධ මද්‍යස්ථානයකට යන්න බැරි වගෙයි.