(එච්. චන්දන)
විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් පුත්තලම ළය රෝහලේ කටයුතු අද (24) උදසෑන සිට අඩපණ වී තිබූ බව වාර්තා වේ.
පුත්තලම ප්‍රදේශයට විදුලි විසන්ධි වීමක් හේතුවෙන් මෙම තත්වය උදා වී තිබිණි.
පුත්තලම් දිස්ත්‍රික්කයටම ඇති එකම ළය රෝහල වන මෙම රෝහලේ විදුලිය විසන්ධි අවස්ථාවක භාවිතා කිරීමට විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම පටල පරීක්ෂා කිරීම, එක්ස්රේ, රසායනාගාර කටයුතු හා දෛනික සායන කටයුතු අඩපණ වී තිබේ.
දිනකට මෙම ස්ථානයෙන් රෝගීහු 150- 200 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගනිති.
අද (24) පස්වරු 5.00 වන තුරු අලුත්වැඩියාව සඳහා පුත්තලම නගරය ආශ්‍රිතව විදුලිය විසන්ධි කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
මේ පිළබදව පුත්තලම ළය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී එස්.එම්.එම් තස්ලීම් මහතාගෙන් කළ විමසීමක දී පැවසුවේ විදුලිය නොමැති වීම රෝගී සත්කාරවලට ගැටලුවක් බවත් මේ පිළිබදව බලධාරින් දැනුවත් කර ඇති බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd