(එෆ්.අස්ලම්)

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක යෙදී සිටින උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සුප්‍රකට කොලිවුඩ් නළු රජිනි කාන්ත් මහතා හමුවී අද (12)පිළිසදරක නිරත වූහ.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පිහිටි රජිනි කාන්ත් මහතාගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ.

ශ්‍රීලංකාවේ කාලීන් දේශපාලන සහ දෙමළ ජනතාවගේ සමාජීය තත්වය එම ජනතාවගේ ගැටළු ආදී කාරණාවන් ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර උතුරු පළාතේ සංචාරයක් සදහා එක්වන ලෙසට විග්නේෂ්වරන් මහතා විසින් මෙහිදී ඇරයුමක් ද සිදුකර තිබේ.

තමාද ශ්‍රීලංකාවේ දෙමළ ජනතාව පිළිබද දැඩි අවධානයකින් සිටින බවත් ඉදිරියේදී ශ්‍රීලංකාවට පැමිණ එමඑ ජනතාව බැහැදැකීමේ කැමැත්තකින් සහ සූදානමකින් සිටින බවත් රජිනි කාන්ත් මහතා විග්නේෂ්වරන් මහතා සමගින් අවධාරණය තිබේ.