( ගාමිණී බන්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේ පිහිටි පැන්මුර් වැව පිටාර ගැලීමෙන් ඊට පහළින් පිහිටි නිවාස 13 ක් පුද්ගලයින් 60 ක් අවතැන්ව ඇති බව හැටන් පොලිසිය පවසයි.
අවතැන් වු පිරිස පැන්මුර් පෙර පාසලේ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නැවැත්වීමට ග්‍රාම නිලධාරීවරයා කටයුතු කර තිබේ.
එම පිරිසට ආහාර හා අනෙකුත් පහසුකම් සැපයීමට අඹගමුව කොරළය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd