(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ රෝහල කුඩු පුරයක් හා ජංගම දුරකතන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි බන්ධනාගාර බුද්ධි අංශයේ වැටලීම් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටද චෝදනා ඇතැයි පැවැසේ.
සිරකරුවන් පමණක් නොව නිලධාරීන් මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් පවා බන්ධනාගාර රෝහල තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ සපයන බවටද ආරංචි පැතිර යමින් ඇති බවටද වාර්තාවේ.
ඉකුත් දා වෛද්‍යවරයෙකු රෝහළ තුළට මත්පැන් බෝතලයක් රැගෙනවිත් ඇති බවටද චෝදනා එල්ල වී තිබිණි.
රෝහල තුළ නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ අලෙවිය ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිලද විශාල ලෙස අඩුවී ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව ජංගම දුරකතනයක් රුපියල් 50,000 සිට රුපියල් 35,000 දක්වාත්, දුම්කොලයක් රුපියල් 5,000 සිට 3,000 දක්වාත්, කුඩු පැකට්ටුවක් රුපියල් 500 සිට රුපියල් 100 දක්වාත් අඩුවී ඇතැයිද පැවැසේ.
මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ බුද්ධි අංශ විසින් වැටලීම් කර අදාළ නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ අත් අඩංගුවට ගත් නමුත් ඇතැම් නිලධාරීන් හා ඇතැම් වෛද්‍යවරුන් මෙම ද්‍රව්‍ය ඇතුළට රැගෙන එන බවට චෝදනා පවතින බවත් කොපමණ වැටලීම් කළද මෙම තත්ත්වය මැඩ පැවැත්වීය නොහැකි වී ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකඩ බන්ධනාගාර රෝහල කුඩු පුරයක්
janathawa Thursday, 11 July 2019 03:52 PM
කාවද දැන් එල්ලන්න වෙන්නේ. අලුතින් ගස් කීපයක් හිටවන්න වේවි ඔය යන හැටියට.