IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැඩපාලකවරයෙකුගේ ස්ථාන මාරුවට එරෙහිව දඹුලු නගර සභාවේ උද්ඝෝෂණයක්

 (කාංචන කුමාර ආරියදාස)


චෝදනා කිහිපයක් නිසා දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙක් නගර සභාවේම   වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දඹුල්ල මහනගර සභාවේ සේවකයන් පරිපාලකයන් දේශපාලන අධිකාරිය අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් අද (6) මතුවිණි.

දඹුල්ල මහනගර සභාවේ මාසික මහා සභා රැස්වීම අද  දඹුල්ල බස් නැවතුම්පළ උඩු මහලේ පිහිටි රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට සූදානම් කර තිබියදී කම්කරු සේවකයෝ පිරිසක් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නගර සභා කාර්යාලයට පිවිසෙන තරප්පු  පෙළ දෙපස විරෝධතාවක නිරතව සිටියහ.

මෙම විරෝධතාකරුවන් කියාසිටියේ මීට දින හතරකට ඉහතදී තම වැඩ පාලකවරයා වූ ඡන්න ඕපාත නැමැති අයෙකු දිගම්පතහ කසළ අංගනයේ වැඩ පාලකවරයා ලෙස ස්ථාන මාරු කිරීමේ හේතුවෙන් තම සේවකයන්ට නිසි ලෙස වැඩ බෙදාදීම් වැඩ අධික්ෂණය සිදු නොවන නිසා ගැටලු  සහගත තත්ත්වයකට පත්ව තිබෙන බවයි.

එම නිසා ස්ථාන මාරු කරනු ලැබූ වැඩ පාලකවරයා නැවත දඹුල්ල නගරයේ පිරිසිදු කිරීම් කටයුතු වල වැඩ පාලකවරයා ලෙස පත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

දේශපාලන බලපෑම් මත මෙම චන්න  ඕපාත නැමැති වැඩ පාලකවරයා ස්ථාන මාරු කර තිබෙන බවත් එම සේවකයා නොමැතිව කුණු කසළ ඉවත්කිරීමේ විශාල ගැටලුවකට සේවකයන් පත්ව තිබෙන බවද ඔවුහු විරෝධතාවේදී පැවසූහ.

පසුව විරෝධතාවය අතරින් දඹුල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සභා ගර්භයට පැමිණීම සිදු කර මේ දී මන්ත්‍රීවරියන් දෙදෙනෙකු වන ෂෙරින් අබේසිංහ   සහ  නිලක්ෂි  ජයසුන්දර යන දෙදෙනා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් සභාවට පැමිණියහ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා දැඩි ලෙස කියා සිටියේ මෙම වැඩ පාලකවරයා සේවකයන්ට දැඩි දඬුවම් ලබාදෙන බවත් දැඩි පාලනයක් ගෙන ඉන්න  බවය එමෙන්ම නගරයේ ඇති වටිනා කියන හිස් භූමි කුඩා අට්ටාල සදා කුලියට ලබා දීම ආදී වැරදි කරුණු රැසක් පැවසූ ඔවුන් කියා සිටියේ මෙම විරෝධතාවය දඹුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත මහතා සහ තවත් කීප දෙනෙක්ගේ ඉතා සූක්ෂම සිද්ධියක් බව ය.

මෙම සේවකයන්ගේ කටට මුකවාඩම් දමා ගෙනවිත් දමා ඇති බවද කියන්නට වුවාය .පසුව විරෝධතාවය අතරින් දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සභා ගර්භයට පැමිණීමට යමින් සිටියදී විරෝධතාකරුවන්ගෙන් කරුණු විමසන්නට විය.

ලැබුණු පැමිණිලි අනුව තමා නිවැරදි තීන්දුවක් ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය. එනම් සේවකයන් බඳවා ගැනීම සහ පාලනය කිරීම දැඩි අසීරු තත්ත්වය පත්ව තිබෙන   බව පැවසූ  නගරාධිපතිවරයා සඳහන් කළේ මෙම චෝදනාව එල්ල වී ඇත්තේ තමන්ගේ සහෝදරයකුට බවත් එබැවින්   නිසිලෙස  නිතිය ක්‍රියාත්මක කළ බවයි.

නගරයේ ජනතාව තමා වෙත භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කරමින් මෙම ප්‍රශ්නයට ද කඩමින් විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
 



අදහස් (0)

වැඩපාලකවරයෙකුගේ ස්ථාන මාරුවට එරෙහිව දඹුලු නගර සභාවේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13327 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 62 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site