
(එස්. ඩී.කොඩිකාර)
ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ විවෘත වරෙන්තුවක් ඇතුළු දින වරෙන්තු 9 ට සම්බන්ධ සැකකරුවෙකු අද (28) කොටපොළ,හිගුරුපනාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු (34) හැවිරිදි කොටපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
සැකකරු දෙනියාය,කොස්මෝදර,ඌරුබොක්ක,කනංකේ,මොරවක,පිටබැද්දර,අකුරැස්ස පොලිස් බල ප්‍රදේශවල ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් කිරීම් වලට සොයමින් සිටි එම පොලීසිවලට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd