( පුෂ්පකුමාර ජයරත්න )
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින වයඹ පළාතේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහනාධාර සැපයීමට පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙනුවෙන් වෙන්කර ඇති සංවර්ධන අරමුදලෙන් සහ පළාත් පාලන ආයතන අරමුදල් වලින් මුදල් වෙන්කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා නියම කර ඇත.
ඒ අනුව අඩු ආදායම්ලාභි පවුල් වල සාමාජිකයින් සංඛ්‍යාව අනුව රුපියල් 750 සිට 1500 දක්වා වන වටිනාකමකින් යුක්ත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට පියවර ගෙන ඇති බව වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.ඉලංකෝන් මහතා පැවසීය .
ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකමිවරයාගේ හෝ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ අනුව අවශ්‍ය පවුල් තෝරා ගන්නා ලෙසත් විනිවිදභාවයකින් යුක්තව සම්මත මිළකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගන්නා ලෙසත් පළාත් පාලන ආයතන වලට උපදෙස් නිකුත් කර ඇතැයිද ඉලංකෝන් මහතා ප්‍රකාශ කළේය .
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයඹ පළාත් පාලන අරමුදලින් අඩු ආදායම්ලාභි පවුල් වලට සහනාධාර