IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වන අලි ගම්වදිති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල,  ඉබ්බන්කටුව ,දඬුබැඳිරුප්ප, දේවහුව, දිග්ගල ,ගිරානේගම , හබරත්තාවල, උළුකැටවැව,  ප්‍රදේශවලට මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලෙද පහළොවකින් පමණ යුත් වන අලි රංචුවක් ගම්වැදි බෝගවගාවන්, දේපල නිවාස විනාශ කිරීමට පටන් ගෙන නිසා ජන ජීවිතය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි ජනතාව කියති.
 
වන අලි රංචුව නිවෙස්වලට පැමිණෙන ආකාරයත් ප්‍රධාන මාර්ගය හරහා නිවාස අද්දරින් ඇවිද යන ආකාරයත් මෙම ගම්මානවල ජනතාව  ඔවුන්ගේ ජංගම දුරකථන වලින් පවා පටිගත කිරීම තරමටම වන අලින් සුලභව දක්නට ඇති බව ඔවුහු පෙන්වා දෙති.
 
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ කෙසෙල් අක්කර තුන හමාරක් පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙන බව ගම්වැසියෝ පවසති. එමෙන්ම වටිනා අඹ වතු, කුඹුරු වගා සියල්ල  රාත්‍රී කාලයේ විනාශ කර දමා යන බව ගොවීහු කියති.

 

දඹුල්ල, දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ සහ දිග්ගල  ප්‍රදේශයේ ජනතාව මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද නිදි වර්ජිතව සිටින්නේ වන අලින්ගෙන් දේපළවලට වඩාත් ජීවිත බේරා ගැනීමේ සටනකට බව ඔවුහු කියති.
 
මෙම ජනතාව සොයා ගිය අපට ද දැක ගැනීමට හැකි වූයේ බාල, මහලු, වැඩිහිටි සියලු දෙනාම අලි ගම් වැදීම බලාපොරොත්තුවෙන් නිදි වර්ජිතව ජීවිත බියකින් පසුවන ආකාරයයි.
 
අඩුම තරමේ මෙම ප්‍රදේශයේ ජනතාවට අලි වෙඩිල්ලක් හෝ නොමැති බව ඔවුහු පවසති. වනජීවී නිලධාරීන් ද දැනුවත් කළද මෙම ප්‍රදේශවලට නොපැමිණි බවට චෝදනා එල්ල විය. එහෙත් සීමිත වනජීවී නිලධාරීන් මේ දිනවල සෑම ස්ථානයකම වන අලින් ගම්වැදීම නිසා ඔවුන්ද අසීරුතාවයකට පත්ව ඇති බව අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණය විය.
 
එකවරම ජන ජීවිතය විනාශ වන අන්දමටම වන අලි තර්ජනය පැතිරයාම බරපතල ප්‍රශ්නයක් බවත් ඇතැම් ප්‍රදේශවලට වසර පහ හයකින් වනඅලියෙකු නොපැමිණි බවත් එහෙත් මේ දිනවල අලින් ගම් වැදී තිබෙන බව ගොවිහු කියති.
 
අලින් ගම්වැදීම ට හේතුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැව්තාවුලු, වැව්අමුණු, ඇළ දොළ, ගංගා, රක්ෂිත සියල්ල සංචාරක කර්මාන්තය සඳහා සහ විවිධ කර්මාන්ත වලට යොදා ගෙන ඇතැම් රක්ෂිත පෞද්ගලික ජනතාව අත්පත් කරගෙන සිටීම නිසා වනඅලින් රැඳී සිටි වැව්වලට ජලය එක් කිරීමත් සමඟ ඔවුන්ට ආහාර නොමැතිකම වාසය කිරීමට භූමිය නොමැතිකම නිසා ගම් වැදී සිටින බවයි.

වර්තමාන වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ කඩිනමින් ලබන මස 01 වෙනිදා සිට දිවයින පුරා වන අලි ගම් වැදීම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවය.



අදහස් (0)

වන අලි ගම්වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site