(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාමේන් හා වැව් කිපයක් වාන් දැමීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 623 ක පුද්ගලයින් 2183 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අටක ජනතාව පීඩාවන්ට පත්වී ඇති අතර එයින් වැඩිම පිරිසක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි පවුල් 208 ක පුද්ගලයින් 648 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව කියයි.
ඒ සමඟම මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 165 ක පුද්ගලයින් 622 දෙදෙනෙකුද නාත්තන්ඩිය පවුල් 97 ක 380 දෙනෙකුද , වෙන්නප්පුව පවුල් 95 ක පුද්ගලයින් 295 ක්ද ,මහවැව පවුල් 30 ක 120 දෙදෙනෙකුද, හලාවත පවුල් 25 ක 110 දෙනෙකුද, වනාතවිල්ලුව පවුල් 2ක ක 4 දෙනෙකුද,කරුවලගස්වැව 1ක් පවුලක 4 දෙනෙකුද මෙලෙස පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.
අකුණු සැර වැදී එක් අයෙකු මියගොස් ඇති බවද පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.



2025 දෙසැම්බර් මස 04
656
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
542
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතුර බැස නොයාමෙන් පුත්තලමේ පුද්ගලයින් 2183 ක් පීඩාවට