IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොරි-කැබ් රථ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙකුට බරපතලයි

ලලිත් නවරත්න.

පුත්තලම හලාවත ප‍්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල නල්ලදරන්කට්ටුව ප‍්‍රදේශයේදී අද 29 පෙ. ව 9. 00ට පමණ සිදුවූ දොඹකර සහිත ලොරිරථ කැබ්රථ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත්කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.  

මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ රාජකදලූව කරුක්කුලිය පදිංචි හෙට්ටිඅිරච්චිගේ රසික මධුසංක නැමති 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

බරපතල තුවාල ලබාඇති එක්අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ දොඹකරය සහිත ලොරිරථයේ ගමන්ගත් දෙදෙනෙකු සහ කැබ්රථයේ ගමන්ගත් රියදුරුය.

පුත්තලම දෙසසිට ගමන්ගත් කැබ්රථයේ හලාවත දෙසසිට පැමිණි දොඹකරය සහිත ලොරිරථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ලොරිරථය අනතුරෙන් පසු මාර්ගයේ වැටී ඇති අතර කැබ්රථය මාර්ගයෙන් ඉවතටපැන අසල තාප්පයකවැදී නැවතී ඇත.

දොාඹකරය සහිත ලොරිරථය හලාවත විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්පදනම මත රාජකාරි කරන රථයක්වන අතර කැබ්රථය වව්නියාව සිට කොළඹ දක්වා ගමන්ගත් පුද්ගලික රථයකි. අනතුර සිදුවන අවස්ථාවේ කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙකු එම ස්ථානයෙන් ගමන්කර නැත.

මෘතශරීරය පරීක්ෂණ සඳහා හලාවත රෝහලේ තබා ඇතිබව පොලීසිය පවසයි .  ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපතිඋප පොලිස් පරීක්ෂක බංඩාර ඇතුලූ නිළධාරීන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (1)

ලොරි-කැබ් රථ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙකුට බරපතලයි

de silva Friday, 29 May 2020 08:33 AM

වාහන දෙකම හරිම හෙමින් ගිහින් තිබෙන බව පෙනෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site