(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල වීගල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර දහයක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.
රක්ෂිතයේ වන සතුන් දඩයමට,විනෝදයට,හේන් වගාවට ප්‍රදේශයේ ජනතාව සෑම වසරකම නියං කාලයට
රක්ෂිතයට ගිනි තබන බව ඔවුහු කියති.
වනයට ගිනි තැබූ විට සුළග සමඟ ඇවිලෙන ගින්න ඉබේම නිවී යන බවත් නියං කාලය නිමවන විට අක්කර
සිය ගණනක් වනයේ ගස් වැල් දැවී යන බවත් ප්‍රදේශවාසීහු කියති.
ඊයේ (24) රාත්‍රී මෙම ගින්න හටගෙන තිබේ.
මෙම කදු රක්ෂිතයේ මානම්, ඉලුක්, එරබදු, කුඩුදවුලා, කිතුල්, පතොක්, ටුනා ඇතුලු ශාක වර්ග හා වැලි මුවන්,
වල් ඌරන්, හාවන්, ඉත්තෑවන් ඇතුලු වන සතුන්ගෙන් ග්‍රහන වන ප්‍රදේශයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන අය දන්නවානම් මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට දැනුම් නොදෙනේ මොකද? ජාතික වස්තුන් විනාශයක් නොවේද?