(ටී. එල්. ජව්ෆර්ඛාන්)
මඩකලපුවේ ප්‍රදේශ කිහිපයක කළ හදිසි වැටලීමකදී ලක්ෂ 6ක් වටිනා නීතිවිරෝධී දැල් තොගයක් සිය බාරයට ගත් බව මඩකලපුව දිසා ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරූස් පැවසීය.
ධීවර අමාත්‍යංශය විසින් තහනම් කරන ලද දැල් කොටස් 60ක් සහ ඔරු මෙහිදී සොයාගත් බවත්, සැකකරුවන් පලා ගොස් ඇති බවත් ඒ මහතා කීහ.
නාවට්කුඩා, කාත්තන්කුඩි , මුහත්තුවාරම්, වලයිරවු, ඌරණි ඇතුළු වැව් ප්‍රදේශවල මෙම වැටලීම් කර තිබේ.
මෙම දැල් තොගය මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd