IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 45 ක ග්ලයිෆොසේට් සූරියවැව නිවසකින් අල්ලයි

 

(දිලීප් ජයසේකර)

ඉන්දියාවේ සිට ගෙන්වා නිවසක සඟවා තබාගෙන අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ 45ක පමණ වටිනා ග්ලයිෆොසේට් නැමති තහනම් වල් නාශක තොගයක් සුරියවැව මහපැලැස්සේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවෙයි. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා නියෝග කළේය.

සුරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ නිවසක තහනම් වල් නාශක තොගයක් ඇති බවට ලද තොරතුරකට අනුව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිවස පරීක්ෂා කර තිබේ.

එහිදී නිවසේ එක් කාමරයක සඟවා තබා තිබූ මෙම ග්ලයිෆොසේට් නැමති තහනම් වල් නාශකය සොයාගෙන තිබේ. එහි ලීටර් 4 බැගින් වූ ප්ලාස්ටික් කෑන් 544ක් සමඟ 28 හැවිරිදි නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇත.

ලිටර් 04 බැගින් වු එක් වල් නාශක කෑන් එකක් රුපියල් 7500ක මුදලකට සැකකරු අලෙවිසැල් වලට අලෙවි කර ඇති අතර පාරිභෝගිකයන්ට එක් වල් නාශක කෑන් එකක් රුපියල් 9000ත් - 10000ත් අතර මුදලකට අලෙවිසැල් වලින් අලෙවි කර තිබේ.



අදහස් (0)

ලක්ෂ 45 ක ග්ලයිෆොසේට් සූරියවැව නිවසකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 213 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site