IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂයක පරණ යකඩ හොරෙන් විකිණූ ගබඩා භාරකරුවෙක් අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)
 
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ පරණ යකඩ තොගයක සඟවා යකඩ විකුණූ ගබඩා භාරකරුවෙකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි.
 
මෙම යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයක් බව පොලිසිය කියයි.
 
ත්‍රිකුණාමලය, තිරුඥාන සම්බන්දර් වීදියේ පරණ යකඩ බඩු වෙළඳසැලකට මෙම හොර යකඩ තොගය විකුණන අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
  
මිල ගණන් කැඳවා නියමිත ක්‍රමවේදයක් තුළ යකඩ තොග ඉවත්කරද්දී සැක නොසිතන ලෙසින් ඒවා ලොරියකින් පිටතට ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබේ.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
 
ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂයක පරණ යකඩ හොරෙන් විකිණූ ගබඩා භාරකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site