(මහින්ද නිශ්ශංක)
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ශ්‍රී ලංගම සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංගම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති සමන්කුමාර මහතා පැවසීය.
ඉල්ලීම් සම්බන්ධව ලංගම සභාපති උපාලි මාරසිංහ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (18) පස්වරුවේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බවද සභාපතිවරයා කීය.
ඒ අනුව අද (19) උදේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය සිදුවන බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd