IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලංකා ධීවරයන් 24 දෙනෙක් මාලදිවයින් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර සහ ඩී.ජී.සුගතපාල)

ගාල්ල හා අම්බලන්ගොඩ ධීවර වරායන්වලින් මුහුදු ගිය බහුදින යාත්‍රා හතරක් සමඟ ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව පවසයි.

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය රුක්ෂානී 2, ධනුෂ්ක 7 යන බහුදින යාත්‍රා දෙක ද අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය ශේෂාන් පුතා 2 සහ ටෙනකීබබා යන බහුදින යාත්‍රා දෙක ද මෙසේ මාලදිවයින වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

තම රටේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිටි ශ්‍රී ලංකා බහුදින යාත්‍රා හතර සහ ධීවරයින් 24 දෙනා වෙරළ ආරක්ෂක බළකාය අත්අඩංගුවට ගත් බව මාලදිවයින් රජය ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබේ.

මාලදිවයින් රජයේ අත්අඩංගුවේ පසුවන මෙම ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා ගත හැකි නීතිමය කටයුතු සදහා අදාළ කාර්යන් සිදුවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව කීය.



අදහස් (0)

ලංකා ධීවරයන් 24 දෙනෙක් මාලදිවයින් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site