(ඩී. ජී. සුගතපාල)
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඉදිකරගෙන යනු ලබන පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි යන්ත්‍ර සූත්‍රවලට ගිනි තබා රුපියල් කෝටි 18කට අධික අලාබයක් සිදුකළ පිරිසකගෙන් එක් සැකකරුවෙකු අද (31) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හිරිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඩෙංගු රෝගය වැළඳීමෙන් අප්‍රේල් මස 4 සහ 12 යන දිනවලදී ප්‍රදේශයේ විසූ එකම පවුලේ කුඩා ළමයි දෙදෙනෙකු මියගිය බවත්, මදුරුවන් බෝවන්නේ මෙම ගොඩනැගිලි සහිත වැඩබිමෙන් බව පවසමින් පුද්ගලයින් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවත්, ඔවුන් ගොඩනැගිල්ලට සහ යන්ත්‍රසුත්‍රවලට ගිනි තබා හානි කර ඇති බවත් එහි හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව විමර්ශන පැවැත්වූ පොලිසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝහල් ගොඩනැගිල්ලකට ගිනි තැබූ පිරිසෙන් අයෙක් අත්අඩංගුවට