
(දීපාල් ද සිල්වා)
රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් , උණ්ඩ 5 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද (22) අත්අඩංගුවට ගනු ලැබීය.
ගුරුසිංහගොඩ ප්‍රදේශයේ කළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සතුව තිබී රුසියාවේ නිෂ්පාදිත බොර 12 පතුරම් යෙදිය හැකි ගිනි අවියක් ,ජිව පතුරම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.
දෙවැනි සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව පතුරම් 3 ක් තිබී සොයා ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනය කිරිම සඳහා සැකකරුවන් දෙදෙනා බද්දෙගම පොලිසියට බාරදීමට නියමිත ය.

COMMENTS
Reply To:
-