(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ .විජේසිංහ)
බටපොල -කුරුදුගහ මාර්ගයේ කරන්දෙණිය ජයබිම ප්‍රදේශයේදී අද (20 ) දහවල් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
මේ රිය අනතුරින් මියගොස් ඇත්තේ බටපොළ කහටපටිය,පොල්ලුන්නාව පදිංචි සම්පත් කුමාර නමැති තිස්පස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
කුරුදුගහ සිට බටපොල දක්වා එමින් තිබූ යතුරු පැදියක් හා බටපොල සිට කුරුදුගහ දෙසට එමින් තිබූ ලොරි රථයක ගැටි මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd