IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරකින් අයෙක් මරුට

( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
 
ජිප් රථයක් ත්‍රී වීලර් රථයක් සමඟ අධිවේගී පිවිසුමේ වලහන්දුව ජනාධිපති විද්‍යාලය අසලදී මුහුණට මුහුණලා ගැටීමෙන් වූ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු එම ස්ථානයේ දීම මිය ගිය බව අක්මීමන පොලීසිය පවසයි.
 
අනතුර සිදු වන අවස්ථාවේ මෙම ජීප් රිය අධිවේගී පිවිසුම් මාර්ගයේ  ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය  වී ඇති බව පොලිසිය පවසයි.
 
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ උමං දොළ, මැදකීඹිය පදිංචිව සිටි ජයසුන්දර ආරච්චිගේ ගුණසිරි පුෂ්පකුමාර නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
 
මෙම අනතුර සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරා අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
 
අක්මීමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - ජේ.කේ.එල්.චාමින්ද



අදහස් (1)

රිය අනතුරකින් අයෙක් මරුට

Jay Tuesday, 28 January 2020 06:31 AM

මේ ත්‍රී වීල් කෙරුවාව කවද ඉවර වේද මන්ද. දවසකට අඩුම ගානෙ එක අනතුරක් තියෙනවාමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site