(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහියංගනය, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද(12) මහියංගන පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ මහියංගනය, ඌව තිස්සපුර පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිස ඉකුත් 10 වැනි දින මන්ත්‍රීවරියට පහර දී තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් අද(12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd