( නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප‍්‍රියනන්දන)
නිවසකට ඇතුළු වී රුපියල් එක්ලක්‍ෂ හතලිස් නවදහසක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කළ සැකකරුවෙකු මේ මස (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බළන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයට අයත් වෙලේ කුඹුර ප‍්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 26 බළන්ගොඩ වෙළේ කුඹුර ප‍්‍රාදේශයේ නිවසකට ජනේලයකින් රිංගා රුපියල් එක්ලක්‍ෂ හතලිස් නවදහසක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බවට බළන්ගොඩ පොලිසීය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව එම ප‍්‍රදේශයේ පරීක්ෂණයක් ආරම්භ කළ බළන්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ සමඟ මෙම සැකකරු අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී එම සැකකරු බළන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රන් බඩු සොරාගත් පුද්ගලයෙක් රිමාන්ඩ්