(කේ. බුද්ධික කුමාරසිරි )
අතුරුගිරිය පොලිස් වසමේ නිවාස හතරකට රාතී‍්‍ර කාලයේ දී සොරෙන් ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් සොරකමේ යෙදුණු බව කියන පෙදරේරුවකු සොරා ගත් රන් භාණ්ඩ ජංගම දුරකථන සහ මුදල් වලින් කොටසක් සමඟ අද (7) අනුරාධපුරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකරු නිවාසවලින් සොරා ගත් භාණ්ඩ විකුණා අනුරාධපුර ප‍්‍රදේශයේ සිය බිරිඳට අයත් ඉඩම්වල විශාල වශයෙන් බඩ ඉරිගු වගාවන් සිදු කර ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු කැස්බෑව ප‍්‍රදේහයේ පදිංචිකරුවකු බවත් සැකකරු අනුරාධපුර ප‍්‍රදේශයේ තරුණියක හා විවාහ වී එම ප‍්‍රදේශයට ගොස් ජීවත්ව සිට තිබේ.
එහිදී ඇති වූ ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් කොළඹට පැමිණ පෙදරේරු රැකියාවේ නියැළුණු නිවාසවලට මෙලෙස රාතී‍්‍ර කාලයේ දී හොරෙන් ඇතුළු වී සොරකම් සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී සොරා ගත් ජංගම දුරකථන සහ රන් භාණ්ඩ අනුරාධපුර ප‍්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුටත් තවත් භාණ්ඩ කිහිපයක් මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කාන්තාවකටත් විකුණා තිබියදී සොයා ගත් බවත් සොරා ගත් බැංකු කාඩ්පතකින් ලබා ගත් රුපියල් අසූ දහසක මුදලින් රුපියල් පනස් දහසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්බඩු - මුදල් සොරා ගත් පෙදරේරුවෙක් අත්අඩංගුවට