IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යතුරු පැදිය ඇතාට දී දිවි බේරාගනී

(ජයරත්න වික්‍රමාරච්චි)

යතුරුපැදියකින් යමින් සිටියදී ඉදිරියට ආ ඇතෙකුගෙන් බේරිමට යතුරුපැදිය මඟ දමා දිව ගිය ගොවියකු පිළිබඳව සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සාලියවැව- නීලබැම්ම මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට හමුවන නීලබැම්ම අමුණට මීටර් 300 ක් නුදුරින් පිහිටි ස්ථානයක දී මෙම අනතුර සිදුව තිබේ.

අද (22) උදෑසන නීලබැම්ම මාර්ගයට ගොස් බලන විට යතුරුපැදිය කැළෑවට විසිකර පසුව කොළ අතු වලින් වසා දමා තිබූ බව දැක ගන්නට ලැබූ බව එම ගොවි මහතා කීය.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ සාලියවැව ඔට්ටුපල්ලම පදිංචි 50 හැවිරිදි ආර්.ඩී.ඥානරත්න නම් ගොවියෙකි. එම සිද්ධිය ඒ මහතා මෙසේ පැවසීය.

‘මම 21 වැනිදා රාත්‍රීයේ සාලියවැව යාය හතේ ඥාතියකුගේ පිංකම් ගෙදරක ගිහින් හිටියේ. එහේ ඉදලා අද (22) පාන්දර 4ට විතර ඇති මේ ස්ථානයෙන් ගෙදර යන්න එද්දී. මම මෝටර් සයිකලෙන් ආවේ. එහෙම එද්දී බයිසිකලේ ලයිට් එළියෙන් දැක්ක මට මීටර් 50 ක් විතර ඉස්සරහින් පාර අයිනේ ඇතෙකුයි අලියෙකුයි ඉන්නවා. ඒ ගමන්ම බයිසිකලේ නැවත්තුවා. ඒක නවත්වන කොටම ඇතා ඉස්සරහට වේගයෙන් එනවා දැක්කා. ඒ ගමන්ම  බයිසිකලේ දමා ජීවිතේ බේරගන්න ආපහු දිව්වා.

එහෙම ගිහින් කිලෝමීටර් දෙකක් පමණ දුරින් රණවරාපිටියේ ඉන්න ඥාතියකුට කිව්වා. ඊට පස්සේ ඔවුන් සමඟ උදේ ඇවිත් බලන විට තමයි දැක්කේ ඇතා බයිසිකලේට කැලේට විසිවෙන්න පහරදීලා කොළ අතු වලිනුත් වහලා කියලා. සමහර අලි මිනිස්සු මරපුවාම අලි එහෙම කරනවා කියලා අහලා තියෙනවා. මේකත් මිනිහෙක් කියල හිතල එහෙම කළාද දැන් නෑ.‘‘



අදහස් (0)

යතුරු පැදිය ඇතාට දී දිවි බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site