
(තුසිත කුමාර ද සිල්වා)
විවිධ පළාත්වලින් යතුරුපැදි සොරාගෙන, කොටස් ගලවා විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු රුපියල් ලක්ෂ 25ක් වටිනා යතුරු පැදි හා ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
මෙම ජාවාරමේ මහ මොළකරු ගරාජයක සේවය කරන්නෙකි. සැකකරුවෝ පානදුර අලුබෝමුල්ල හා ජනප්‍රිය මාවත පදිංචි 40, 30 සහ 23වන වයස්වල පසුවන්නෝය.
මොවුන් තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බවත්, ඒ සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙලෙස ඕනෑම ස්ථානයක අගුළු දමා නවතා තිබෙන යතුරුපැදි හා ත්‍රිරෝද රථ සූක්ෂම ලෙස පණගන්වා රැගෙන ගොස් කොටස්වලට ගලවා ඇති බවද, පොලිසිය පවසයි.
ඉකුත් පෙබරවාරි 16 වන දින ගාලුපාරේ මස්සල හන්දියට නුදුරින් තිබෙන සුපිරි වෙළඳසැලක රථ ගාලේ තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා යතුරු පැදියක් එදින අලුයම 5.30 ට පමණ සොරකම් කර රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය ඔස්සේ කළ පරීක්ෂණ මඟින් මෙම සොරකමේ සුලමුල සොයාගෙන තිබේ.
ඒ වනවිටත් වෙනත් පොලිස් බල ප්‍රදේශවලින් සොරකම් කරන ලද යතුරු පැදි 3ක කොටස්, බේරුවලින් සොරකම් කළ යතුරු පැදිය ඇතුළු තවත් යතුරුපැදි 3ක් සහ ත්‍රිරෝද රථයක් පානදුර අරුග්ගොඩ හා ජනප්‍රිය මාවතේ සැකකරුගේ ගරාජයේ සහ නිවසේ තිබී සොයාගෙන පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කළුතර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි සොරාගෙන කොටස් කර විකිණූ කල්ලියක් අල්ලයි