(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් නැවත පදිංචිවූවෝ පිරිසක් අද(10) දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලග්ගල හරිත නගරය මධ්‍යයේ පාර වසාගෙන විරෝධතාවයක නිරත වූහ.
ගොවිතැන් සහ දෛනික පරිහරණය සඳහා ජලය නොමැති වීම, අනු පවුල් සඳහා සාධාරණ වන්දි මුදලක් නොමැතිවීම, වාණිජ ඉඩම් ලබාදී බදු මුදල් අයකිරීම, වසර 7ක පමණ කාලයක සිට තවමත් වියළි සලාක ආහාරයෙන් ජීවත් වීමට සිදුවීම සහ තවත් කරුණු රැසක් මුල් කර ගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
මහියංගණය-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ලග්ගල හරිත නගරයේ පිවිසුමේ පිහිටි කළු ගඟ පාලම උඩින් අවහිර කිරීමටද ඔවුහු ක්‍රියා කළහ.
දඹුල්ල පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතා මෙය සාකච්ඡාවක් මගින් විසඳා ගන්නාතුරු ප්‍රධාන මාර්ගයේ එක් පසක් වාහන ගමනාගමනයට විවෘත කරන දෙන්නැයි පැවසීය.
විරෝධතාකරුවන් මෙහිදී පොලිස් අධිකාරිවරයාට කියාසිටියේ වසර ගණනාවකට ඉහතදී රටේ භාගයකගේ සා ගිනි නිවන්නට විශාල ජලාශයක් ඉදිකරන්නට තම ගම්බිම් ගේදොර ඉඩකඩම් සියල්ල ලබාදුන්නද තවමත් වසර 8 ක පමණ කාලයක සිට බොහෝදෙනෙකු පැල්පත්වාසීන් ලෙස ජීවත්වන බවය. මහවැලි නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂකයන් වෙත කියා සිටියේය.
වර්තමාන රජයට කිසිදු විරෝධතාවයක් එල්ල නොකරන බවත් ආණ්ඩු විරෝධී විරෝධතාවයක් නොවන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
කෙසේ වෙතත් මෙදින දහවල් වනතුරුත් මහවැලි නිලධාරියෙකු හෝ වගකිවයුතු බලධාරියෙකු නොපැමිණීම නිසා උද්ඝෝෂකයෝ මාර්ගයේ එක් පසක් වසාගෙන විරෝධතාවයේ නිරතව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක