IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොරගහකන්දෙන් අවතැන්වූවන්ට ඉඩම් දුන් ගැමියෝ තවමත් පීඩාවෙන්

(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද-කළුගඟ ජලාශ ඉදි කිරීමේදී  ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් පරිත්‍යාග කළ ලග්ගල පල්ලේගම , කපුයාය ගම්මානයේ ජනතාව වසර 10ක් තිස්සේ පීඩාවට පත්ව සිටිති.

 පවුල් 84 ක පිරිසක් ලියාපදිංචි නාමලේඛනයේ සිටියද, අනුපවුල්ද සමග මේ වනවිට පවුල් 110ක් පමණ පිරිසක් එහි පදිංචිව සිටිති. එක නිවසක පවුල් 4ක් 5ක් ජීවත් වෙති.

 මොරගහකන්ද කළුගඟ ජලාශ වලට ඉඩම් අහිමි වූවන්ට විකල්ප ඉඩම් ලබාදීම සඳහා කපුයායේ ජනතාවගේ ඉඩම් මහවැලි අධිකාරියට පවරාගෙන තිබිණි. මේ හේතුවෙන් දිවිගෙවීමට ප්‍රමාණවත් ඉඩකඩම් නොමැතිවීමෙන් ඔවුහු පීඩාවට පත්ව සිටිති.

එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීමට හෝ පහසුකම් නොමැතිව දිවි ගෙවන තමන්ට රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයින් ගේ අවධානයට යොමුව නොමැති බවද, මෙවර මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවද ඔවුහු පවසති.

 තම දරුවන් කිලෝමීටර් දෙකහමාරක් පයින් පාසල් යනබවද, ගමටම පානීය ජලය නොමැති බවද, ප්‍රාදේශීය සභාවෙන් සතියකට වරක් බැරල් එකකට පානීය ජලය ගෙනෙන බවද, කළුගඟ දිගේ ගලා එන ජලය අපිරිසිදු හෙයින් ඔවුනට දෛනික අවශ්‍යතා වෙනුවෙන්  ජලය නොමැති බවද ඔවුහු කියති.  

 තමන්ට ගොවිතැන් කිරීමට ඉඩම් ලබාදුනහොත් වෙන සහනාධාරයක් අනවශ්‍ය බව ගැමියෝ කියති.



අදහස් (0)

මොරගහකන්දෙන් අවතැන්වූවන්ට ඉඩම් දුන් ගැමියෝ තවමත් පීඩාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 529 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site