සුමතිපාල දීයගහගේ
හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේ සංචාරක හෝටලයකට මුව මස් රැගෙන යමින් සිටි පුද්ගලයකු මුව මස් කිලෝ එකක් සමඟ අද (8) මිහිරිපැන්නේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
තණමල්විල ප්‍රදේශයේ සිට මුව මස් ගෙනවිත් කලක සිටම මොහු සංචාරක හෝටල්වලට මුව මස් විකුණා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මුව මස් තොගය සංචාරක හෝටල් අසල ස්ථානයක සඟවා තබා වරකට මුව මස් කිලෝ එක බැගින් සංචාරක හෝටල්වලට සැකකරු විසින් රැගෙන ගෙන ගොස් විකුණනන්ට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පදිංචි සැකකරු 60 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd