(මහේෂ් කිර්තිරත්න)
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ වනවිට මී උණ රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (29) පැවති කොරෝනා, ඩෙංගු සහ මී උණ සම්බන්ධ කමිටු රැස්වීමේ අනාවරණය විය.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම මී උණ රෝගින් සංඛ්‍යාව රත්තොට කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවද මෙහිදී අනාවරණය විය.
පවතින තත්ත්වය මත නිවාස ආශ්‍රීතව පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙසත් මී උණ රෝගයෙන් වැළකීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කුඹුරු ආශ්‍රීත කටයුතුවලට පෙර මී උණ සඳහා නිර්දේශිත ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.
එසේම කුඹුරු ආශ්‍රීතව ගමන් කරන විට පාවහන් පැළදීම මෙන්ම තුවාල සහිත කකුල් පරිසරයට නිරාවරණය වන සේ සිදු කරන කටයුතු වල දී ආරක්ෂාකාරී වන ලෙස රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.