IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයේ විශේෂ රාජකාරී සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 ක්

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති මැතිවරණය වෙනුවෙන්  විශේෂ  රාජකාරී සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් මූලස්ථානය විශේෂ අංශ කිහිපයක් භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු මැතිවරණ රාජකාරි සඳහා යොදවා  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනා  හෙට (14)  දින සිට  දිස්ත්‍රික් නවය ට අනියුක්ත කර  ඇති බවත් ඔවුන් ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කර අවසන් වනතෙක්ම රාජකාරී යොදා ඇති බවද රුවන් ගුණසේකර මහතා  කියා සිටියේය.

ලලිත් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස් ප්‍රියන්ත, බඳවා ගැනීම් පුහුණු  හා  සංජීව ධර්මරත්න, පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ජගත් පලිහක්කාර, එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න, ඩී.කේ.පී කරුණානායක,  එම්.එන් සිසිර කුමාර , කේ.ඩබ්ලිව්.කේ සිල්වා යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙලෙස විශේෂ  රාජකාරි සඳහා යොමුකර ඇති බවද ගුණසේකර මහතා කියා සිටියේය.

මොවුන් කිලිනොච්චි, මුලතිව්, මන්නාරම,  පොලොන්නරුව, කෑගල්ල,  මාතලේ, මොනරාගල, මඩකලපුව හා මාතර යන දිස්ත්‍රික්කවල විශේෂ රාජකාරී  සඳහා  අනියුත්ක කර ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

මැතිවරණයේ විශේෂ රාජකාරී සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site