( ක.ග කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දිවුලපතාන ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීම සඳහා පැමිණි කියන පුද්ගලයෝ දෙදෙනෙකු මෙරට සාදන බෙහෙත් කොටන තුවක්කු 2 ක්, ඊයම් උණ්ඩ, වෙඩි බෙහෙත් තොගයක්ද සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව වනජීවී නිළධාරීහු කියති.

සැකරුවන් මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පිරිසක් සහ හේනානිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ගිනි අවි සමඟ සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.