IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මාදුරුඔය යුදහමුදා පුහුණු පාසැලෙන් 270 ක් විසිර යති

(ක.ග. කරුණාරත්න)

මාදුරුඔය යුදහමුදා පුහුණු පාසැලේ පාබල ක්‍රියාන්විත විශේෂ පාඨමාලාව අවසන් කළ සෙබලුන් 270 දෙනෙකු විසිරයාමේ පෙළපාලියක් අද (05) එම යුදහමුදා පුහුණු පාසැලේ සරඹ පිටියේදී පැවැත්විණි.

එයට නිලධාරින් 11දෙනෙකු සහ සෙසුනිලධාරීන් 259ක් අයත්විය.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුදහමුදාවේ මාදුරු ඔය යුදහමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ.ඒ. පිලපිටිය මහතා සහභාගි විය.

එම පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතා දැක්වූ අතිශුර සෙබළා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.ජී.ඒ.බී. විජේසෝම, සෑම අතින්ම අතිශූර නිලධාරි ලෙෂ ආරක්ෂක සේනා මූලස්ථානය බටහිරට අයත් 06 වන ගැමුණුහේවා බලකායේ ලුතිනන් ටී.සී. සේරසිංහ, හොඳම වෙඩික්කරු ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය යන අය නැගෙනහිරට අයත් 18 වන ආරක්ෂක සේනා බලමුලුවේ කපිතාන් කේ.වයි.එස්. ධර්මසිරි ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග හා සහතික ලැබූහ.



අදහස් (0)

මාදුරුඔය යුදහමුදා පුහුණු පාසැලෙන් 270 ක් විසිර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site