
(මහේෂ් කිර්තිරත්න)
දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධිකරණ කටයුතු අද (04) සිට 09 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය බලධාරින් දෙන ලද උපදෙස් අනුව මාතලේ නීතිඥ සංගමය විසින් මාතලේ මහාධිකරණ විනිසුරුතුමා වෙත දන්වන ලද ලිපි අනුව මෙම කටයුතු සිදු කර තිබේ.
ඒ අනුව හදිසි නඩු කටයුතු පිළිබදව අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය දැනුවත් කළ පසු අදාළ කටයුතු සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd