IMG-LOGO

මළ සිරුරක් සොයා පොලිසිය වටවල පීරයි

(රංජිත් රාජපක්ෂ)      
                
වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් වතුයායේ ඉහළ කොටසේ නිවසකදී මිය ගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි නැමති 81 හැවිරිදි කාන්තාවකගේ සිරුර සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් අද (12)  වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතිව එම වතුයායේ මෙහෙයුමක් ක්‍රියාත්මත කර තිබේ.
 
රෝගාතුරව සිටි තම මව ඉකුත් 9 දින  නිවසේදී මිය ගිය බවද, මළ සිරුර ඇගේ පුතා ත්‍රිරෝද රථයක  නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය ඒ පිළිබඳව විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.
 
මිය ගිය තැනැත්තියගේ ලේලිය වන විශ්වා ගෞරවි නැමති තිදරු මව පොලිසියට හමුවේ  පවසා ඇත්තේ රෝගාතුරව සිටි තම නැන්දණිය නිවසේදි මිය ගිය බවත්, අවසන් කටයුතු සිදු කිරීමට තම සැමියා සතුව මුදල් නොමැති බැවින් මෘත දේහය කැලෑවකට විසි කර දමන බව පවසා තම සැමියා පුතා සමග එදිනම රාත්‍රියේ මළසිරුර ත්‍රිරෝද රථයක නංවාගෙන නිවසින් පිටව ගිය බවත්, එදින සිට තම සැමියා හෝ පුතා පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්ය.
 
නිවසේදි මිය ගියේ යැයි කියන මවගේ මෘත දේහය සොයා හැටන් පොලිසියේ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහය ඇතිව පොලිස් නිලධාරීන් වතුයායේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් මිය ගිය තැනැත්තියගේ බාල මුණුබුරා වන 8 හැවිරිදි ගෝපාල ක්‍රිෂ්ණන් දරුවාගෙන් අද (12) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එහිදි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම පියා, මව සහ අයියා විසින් මිත්තනියට පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත්, පසුව තම පියා ඇගේ සිරුර මල්ලක දමාගෙන නිවසින් රැගෙන ගිය බවත්ය.
 
වටවල පොලිසියේ නිලධාරින් සැඟවී සිටින බවට සැකකරන එම පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.
 
මෙය ඝාතනයක් බව හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.



අදහස් (0)

මළ සිරුරක් සොයා පොලිසිය වටවල පීරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 933 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site