
(මොහොමඩ් ආසික්)
මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද (27 ) අලුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරනු ලැබ තිබේ.
මෙම මාර්ගයට ඉදි කර තිබූ ආරක්ෂිත බැම්මක් සමඟ මෙම මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව ඇති අතර මාර්ගය තුළට ජලය කාන්දු වීම ගිලා බැසීමට හේතු විය හැකි බව පොලිසිය කියයි.
මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන අවධානයෙන් ධාවනය කළ යුතු බව කටුගස්තොට පොලිසිය රියදුරුන්ට දන්වයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.