
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින් අද (28) පස්වරුවේදි රත්ගම දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
සමගි ජන බලවේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා ඇතුලු පිරිසක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කරන ලදි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණියේ රටට අහිතකර ගිවිසුම් රැසක් අත්සන් කිරීමට බව උද්ඝෝෂකයෝ පවසති.
ඇමරිකාව සමග මාතෘ භූමියට වින කරන හොර ගිවිසුම්වලට සිය පක්ෂයේ විරෝධය පළකිරීමට මේ විරෝධතාව සංවිධානය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බල වේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා කීවේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.