IMG-LOGO

මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාත තුළ  පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  පළාතේ  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාස  දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (27) පස්වරුවේ  නිකුත් කර ඇති එම  නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්  අඹගමුවකෝරළය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදයරේ අවදානමින් සිටීමේ නිවේදනයයි.

මෙම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින්  ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම්  ඇති ප්‍රදේශ ලෙස හඳුනා  ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.

දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site