Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 20 වන බදාදා
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම යටදොළ ප්‍රදේශයේදී මත් පෙති සමග පුද්ගලයෙකු අද ( 12 ) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම සැකකරු සමග රුපියල් 70,000ක් වටිනා මත්පෙති 700 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණවර්ධන මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් පෙති 100 තිබී ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ තවත් මත් පෙති 600 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට මාස 5කට පමණ ඉහත දී ගිනි අවියක් හා තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව සිර දඬුවම් ලැබ ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
සැකකරු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.