(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බදුල්ල  - කොළඹ  දුර ගමන්  සේවා  මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන  ජනතාවගේ  අත් බෑග්  සොරකම්  කළ සැකකරුවෙකු අද(03)   බලන්ගොඩ  නගරයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තැනැත්තා මොරටුව ලුනාව  ප්‍රදේශයේ  පදිංචි  27හැවිරිදි  සැකකරුවෙකි.

සැකකරු  සතුව තිබී සොරකම්  කරන ලද අත් බෑග්  කිහිපයක්,  ක්‍රෙඩිට් පත්  සහ ඇඳුම්  තොගයක්  සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
 
සැකකරු  මගී ජනතාවගේ  අත්බෑග්  රැගෙන බලන්ගොඩ  ප්‍රදේශයෙන්  බැස ඇතැයිද, කාලයක් තිස්සේ මෙම  සොරකම්  කර ඇතැයිද පොලිසිය කියයි.
 
සැකකරු අද(03) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.