IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මංගලගේ ප්‍රකාශයට මාතර නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශවලට විරෝධය පල කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අත්වල කලු පටි පැළද විරෝධතා පා ගමනකින් අද (11) මාසික සභා රැස්වීමට සහභාගී වූහ.

ඔවුහු මුදල් අමාත්‍යවරයාට එරෙහි සටන් පාඨ කියමින් මාතර මහ නගර සභාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරමින් රැස්වීම් ශාලාවට ඇතුළු වූහ.

මෙහිදී අදහස් දැක්වු නාගරික මන්ත්‍රී මලිදු ගජධීර මහතා මෙසේ කීය.

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කියා ජාතිවාදය වපුරන ලද මංගල සමරවීර ජාතීන් අතර සුහදතාවය පෙන්වන්න කියා විරෝධතා පවත්වනවා. මේක මහ විහිලුවක්. ඒ වගේම කාදිනල්තුමාට අපහාස කරනවා. ඔහුගේ මේ ජාතිවාදී ප්‍රකාශ තවම නතර කර නැහැ. සාමාන්‍ය මිනිසෙකු එවැනි ප්‍රකාශයක් කළා නම් මේ වෙනකොට හිරේ දාලා. ඒත් මංගලට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඇමැතිවරයාගේ වාග් ප්‍රහාර නතර කරලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”

මාතර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

මංගලගේ ප්‍රකාශයට මාතර නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

sharm warn Tuesday, 11 June 2019 11:25 AM

එක කට්ටියක් මල් මාල දාලා පිලි අරගෙන මහා නැටුමක් නටද්දී තව කට්ටියක් කළු පටි බැදගෙන විරෝදය දක්වනවා. අනේ මන්දා අපි කාගේ වැඩ පිලිගන්නද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site