(රාස්සගල සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  කල්තොට  පොලිස්  බල  ප්‍රදේශයට  අයත්  තංජන්තැන්න  ප්‍රදේශයේ දි මෙරට  නිෂ්පාදිත බෝ්ර් 12 වර්ගයේ  ගිනිඅවියක්  සමග  27 හැවිරිදි  මුස්ලිම් තරුණයෙක් තංජන්තැන්න ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රියේ (03)  අත්අඩංගුවට  ගත්  බව කල්තොට පොලිසිය  පවසයි.

බලන්ගොඩ සහකාර ⁣පොලිස් අධිකාරි දුමිඳු  සේනානායක මහතාගේ උපදෙස් පරිදි කල්තොට පොලිසියේ ස්ථානාධිපති  තරංග හපුගස්වත්ත මහතා  ඇතුළු  නිලධාරීන් කණ්ඩායමක් විසින්  මෙම සැකකරු  ගිනිඅවියක්  සමග අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරු අද (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි