
(හේමලතා ඩී හේවගේ)
දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටහිර හාල්ඳඬුවන ප්‍රදේශයේ අක්කර පහකින් යුත් පොල් ඉඩමක බොරලු කැපීමට එරෙහිව එම ගම්වාසීන් අද( 23) දහවල් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.
මෙම කඳු ප්‍රදේශය කැපීම තුළින් හාල්ඳඬුවන බටහිර, උතුරු සහ නැගෙනිර යන ග්‍රාමසේවා වසම් තුනකට අයත් කුඹුරු අක්කර 400 ක පමණ ප්‍රමාණයකට ජලය නැතිවී යන බවත් කඳු සහිත මෙම ඉඩම ස්වභාවික ජල උල්පත්වලින් හෙබි ප්‍රදේශයක් බවද මිඩ්ලන්වත්ත ප්‍රජාමූල කමිටුවේ ලේකම් ගාමිණි හේරත් මහතා පැවසීය.
පසුගිය රජය පැවති කාලයේද මෙම ඉඩම කැපීමට ගිය අවස්ථාවේ විහාරස්ථානය, ගොවිසමිති හා ප්‍රදේශවාසීන් එක්ව එය නතර කළ බවත් ප්‍රාදේශීය ලේකම්ල ග්‍රාමනිළධාරීන් සහ පොලීසියද දැනුවත් නොකරමින් මෙම රජය පත්ව මසක් ගතවීමටත් පෙර නැවත එම ඉඩම කැපීමට සූදානම් වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
90
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
943
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලු කැපීමට එරෙහිව දංකොටුවේ උද්ඝෝෂණයක්