IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි

තුසිත කුමාර ද සිල්වා

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බේරුවල ධීවර වරායේ මත්ස්‍ය වෙළෙඳ පොළ ජංගම සිල්ලර වෙළඳුන් වූ කුඩා වෑන් රථ, යතුරුපැදි හා පාපැදිකරුවන් ට මාස දෙකක කාලයක් විවෘත නොවූ අතර එම වෙළඳුන් ගේ ජීවන තත්වය සලකා රට යළි විවෘත වීමත් සමග හෙට (23)දා සිට අලුයම 5.00ත් උදෑසන 9.00ත් අතර කාලය තුළදී එම වෙළදුන්ට වරාය පරිශ්‍රයට ඇතුළු වී මසුන් මිලදී ගෙන ජංගම වෙළදාම සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (22) දහවල් පැවසීය .

ජංගම මත්ස්‍ය වෙළඳුන් ධීවර වරාය පරිශ්‍රයට ඇතුළු කර ගනු ලබන්නේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර, සියලු සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගතව බවත් ,ධීවර වරාය සංවර්ධන කමිටුව ,බේරුවල පොලිසිය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන අංශ වලින් සැදුම්ලත් කමිටුවක් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

එක් එක් පුද්ගලයන් වශයෙන් වරායට පැමිණ මසුන් කිලෝව දෙක මිලදී ගැනීමට පැමිණෙන අයට පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් වරාය කළමනාකාරීත්වය සඳහන් කළහ.



අදහස් (0)

බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site