
(ඉන්දිකා රාමනායක)
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පසුගියදා කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ඉදිකිරීම් සමාගම සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (25) මාතලේ ප්‍රදේශයට ගියබව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල ඉදි කළේ මාතලේ ප්‍රදේශයේ ඉදි කිරීම් සමාගමක් විසින් බවට ගොඩනැගිල්ලේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේ මහතාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත් තොරතුරු අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
එම ඉදිකිරීම් සමාගම විසින් ප්‍රමිතියට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇතිද යන්න ඉදිරියේ දී හෙළි කර ගත ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් සමගම නොවේ නිර්මාණය කල අය සොයා ගත යුතුය.